September 11, 2011

පින්තුරයක් ඇතුලේ පනිවිඩයක් හංගමුද?


හප්පේ..හුග කාලෙකින් මුකුත් දන්නත් බැරිඋනා...යලුවනේ අනේ තරහා වෙන්නනම් එප හොදේ....හුග කාලෙකින් මුකුත් දන්නත් බැරිඋනහින්දා  අද මම කියලාදෙන්නේ පින්තුරයක් ඇතුලේ  රහස් පණිවිඩයක් යවන්නේ කොහොමද කියලා. මේකට කියන්නේ. Steganography කියලා. මම ටිකක් මේක ගැන පැහැදිලි කරන්නම්. අපි හිතමු අපි ඉතාමත් වැදගත් රහස්‍ය භාවයෙන් වැඩි පණිවිඩ කිහිපයක් පරිගණකයේ කොහේ හරි තියල තියනවා. ඒත් බැරි වෙලා හරි කාට හරි මොන ජාතියෙන් හරි ඒවා බලන්න ලැබුනොත්. ඒත් අපිට පුළුවන් නම් ඒ පණිවිඩ තවත් ෆයිල් එකක් අස්සේ කාටවත් පෙන්නේ නැති වෙන්න තියන්න ඒක හොඳ ආරක්ෂාවක් නේද. මේ Steganography කියලා කියන්නේ අන්න ඒ වගේ දේකට. මෙතැනදී අප විසින් තෝරාදෙන පින්තූරයක් තුලට රහස් පණිවිඩය ඇතුලත් කරනවා. save කලට පස්සේ බැලූ බැල්මට පෙන්නේ නිකම්ම නිකම් පින්තූරයක් විතරයි. එත් අපේ පණිවිඩය ඒක ඇතුලේ තියෙනවා කාටවත් පෙන්නේ නැති විදියට. එහෙනම් තවත් විස්තර ඕන නෑනේ. වැඩේට බහිමු. සොෆ්ට්වෙයාර් ඒක මෙන්න මෙතනින් බාගන්න.



සොෆ්ට්වෙයාර් ඒක පටන් ගත්තම පෙන්නේ මෙන්න මේ විදියට.



මුලින්ම  Open Image කියන එක ඔබලා ඔයාලට කැමති තැනකින් පින්තූරයක් Open කරගන්න. ඊට පස්සේ Edit Text කියන කොටුවට පහලින් තියෙන ලොකු කොටුවේ ඔයාලගේ පණිවිඩය ලියන්න. කැමතිනම් වෙන තැනකින් කොපි කරගෙන ඇවිත් එතන අලවන්නත් පුළුවන්. දැන් Hide Text කියන එක ඔබන්න. ඊට පස්සේ කැමති තැනක පින්තුරේ සේව් කරගන්න පුළුවන් Save Image කියන එක එබුවාම. එහෙම තියෙන පින්තුරෙක තියෙන පණිවිඩයක් බලන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක තියෙන කෙනෙකුට විතරයි.  මේක කරලා බලන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් දාන්න පොඩි කොමන්ට් එකක්

3 comments:

එල මල්ලි දිගටම ලියන්න

බොහොම ස්තුතියි අයියේ....

නියමයි මචෝ නියමයි

Post a Comment