September 6, 2011

අලුත් එක චාටර් වගේ නම් ආයෙත් පරණ එක මෙන්න..........

ඔන්න පොඩි Free Time එකක් ලැබුනු නිසා පොඩි පොස්ට් එකක් දාන්න හිතුන මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. අද කාලේ ෆේස්බුක් කියන දේ ලංකාවේ කස්ටියට නැතුවම බැරි දෙයක් බවට පත් වෙලානෙ තියෙන්නෙ. කන්න නැති උනත් කමක් නෑ ෆේස්බුක් යන්න තියෙනවා නම් නේද?...:ඵ්. ඉතින් මේ ෆේස්බුක් වල සිදුකරන අලුත් අලුත් වැඩි දියුනු කිරීම් සමහරක් වෙලාවට පරණ ක්‍රම වලට හුරුවෙලා හිටපු අයට දිරවන්නෙ නෑනේ. මේ ලඟදි ඒ විදියට වෙනස් වෙච්ච දෙයක් තමයි ඔය ෆේස්බුක් චැට් එක. සමහරුන්ට ඒක මල වදයක් වෙලා.

.මම අද කියන්න යන්නෙ පරණ චැට් භොං එක ඒ විදියටම ආයෙත් ගන්න හැටි. කරන්න තියෙන්නෙ බොහොම පොඩි වැඩයි. මම පහලින් දාන ස්ක්‍රිප්ට් එක ඔයාලගෙ වෙබ් බ්‍රව්සර් එකට ඉන්ස්ට්‍රෝල් කරගන්න එක විතරයි කරන්න ඕන. එහෙම ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉවර වෙලා බ්‍රව්සර් එක ක්ලෝස් කරලා දාලා ආයෙත් ඕපන් කරලා ෆේස්බුක් එකට ගිහින් බලන්න. පරණ චැට් එක ආයෙත් ඇවිල්ලා ඇති. එහෙනම් මම අද වැඩිය කතා කරන්න යන්නෙ නෑ. වැඩේ කරලම බලන්නකෝ කොහොමද කියලා.

Full support for FireFox 5, Google Chrome 13 & Opera 11.5 (Earlier versions may be compatible, these are the browsers used for testing)

-----------------------------------------------------------------------------------------------------
Mozilla FireFox Web Browser සඳහා


  • පලමු පියවර: මුලින්ම පහත සඳහන් Grease monkey ඇඩොනය Install කර ගන්න. ඒ සඳහා පහත Link මත කරන්න.



                                          Install Grease monkey Add-on  

  • දෙවන පියවර: ඉන් පසු පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.

                                                   Install Script Now


-----------------------------------------------------------------------------------------------------
Google Chrome & Opera Web Browser සඳහා


  • මුලින්ම පහත සඳහන් Script එක Install කර ගැනීම සිදු කරන්න. ඒ සඳහා පහත Link මත කරන්න.


                                                        Install Script Now

-----------------------------------------------------------------------------------------------------

ඉතින් මම හිතනවා මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. දාගෙන බලන්න කොහොමද කියලා. ප්‍රජෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා ඔයාලගෙ අදහස් කියලා යන්න. අකමැත්තක් නැත්තම් විතරක් මට සහයෝගයක් විදියට මගේ බ්ලොග් එකට Follow පාරක් දාලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් මම ගියා. තවත් ඔබට ප්‍රයෝජනවත් වන ලිපියකින් ආයෙත් හමුවෙමු. ස්තූතියි...

2 comments:

meken change wenne chat bar 1 witharai neda... chat system 1 a kiwe msg inbox 1 yana 1 nawaththanna ba neda....

Post a Comment