October 11, 2011

පරිගණක නිර්මාණ තරඟාවලිය





සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවයේ සතුට හා වෙසක් උත්සවයේ චමත්කාරය සමග පරිගණක තාක්ෂණය නිර්මාණාත්මක ලෙස එකතු කිරීමේ අරමුණින් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව එක්වී සංවිධානය කරනු ලබන, නිර්මාණ තරඟාවලිය පිලිබදව, නිර්මාණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන තරගකරුවන් හා තරගකාරියන් වෙනුවෙන් තබන සටහනයි මේ.
තරඟය අංශ තුනක් යටතේ පැවැත්වෙන අතර එම තරඟ අංශ සහ ඒවාට විශේෂිත වූ නීති මෙසේය.
සංස්කරණය කරන ලද ශ්‍රව්‍ය-දෘශ්‍ය දර්ශන
1. අවමය මිනිත්තු 5කට හා උපරිමය මිනිත්තු 10කට යටත්ව නිර්මාණය ඉදිරිපත් කළ යුතුය.
2.අවසාන නිර්මාණය mpeg වර්ගයේ ගොනුවක් විය යුතුවේ. 
සංස්කරණය කරන ලද ශ්‍රව්‍ය කොටස්
1. අවමය මිනිත්තු 3කට හා උපරිමය මිනිත්තු 5කට යටත්ව නිර්මාණය ඉදිරිපත් කළ යුතුය.
2. අවසාන නිර්මාණය wav වර්ගයේ ගොනුවක් විය යුතුය.
සංස්කරණය කරන ලද ඡායාරූප 
1. ඡායාරූපය අඟල් 12 x 8 ප්‍රමාණයෙන් විය යුතුය.
2. අවසාන නිර්මාණය jpg වර්ගයේ ගොනුවක් විය යුතුය.
3. නිර්මාණය සඳහා CMYK වර්ණ පටිපාටිය හෝ කළු-සුදු වර්ණ පටිපාටිය යොදාගත යුතුය.
මීට අමතරව ඉදිරිපත් වන සියලුම තරඟකරුවන්ට පොදු නීති රීති කිහිපයක් ඇත.
1. සහභාගි වන සියලුම තරගකරුවන් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි.
2. සිංහල හින්දු අළුත් අවුරුද්ද හෝ වෙසක් උත්සවය යන කරුණු දෙකෙන් එකකට ගැලපෙන ආකාරයට තේමාව තෝරාගත යුතුයි.
3. එක් තරඟකරුවෙකුට එක් අංශයක් සඳහා ඉදිරිපත් කල හැකි උපරිම නිර්මාණ ගණන එකක් වන අතර අවශ්‍ය නම් අංශ තුනට නිර්මාණ 3ක් ඉදිරිපත් කිරීමට හැකිය.
4. අවසන් නිර්මාණය හා එය සැකසීමට භාවිතා කල දේවල් සියල්ලම සංයුක්ත තැටියකට අන්තර්ගත කර, පුරවන ලද අයදුම්පත්‍රය ද සමග පහත ලිපිනයට එවන්න.
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය
නො 35, රීඩ් ඇවනිව්,
කොළඹ 07.

නිර්මාණ බාර ගන්නා අවසන් දිනය : 2011-10-28

ජයග්‍රාහකයන් සඳහා වටිනා ත්‍යාග සහ සහතික පත් පිරිනැමේ...
අයදුම්පත ලබා ගැනීමට ක්ලික් කරන්න.
                                                                 
                                                                                 වැඩි විස්තර සඳහා
                                                                                     

2 comments:

malli oyaa paaduwe me post 1e mage blog name 1 danna.... nattam post 1 ain krnna... nattam........!

අයියේ මේක ඔයාගෙන් නේමෙ මම copy කලේ මේක හොයගත්තේ http://www.compsoc.lk මෙන්න මේ site එකෙන් අනික ඔයට කිසිම අයිතියක් නැ මේ පොස්ට් එක අයින් කරන්න කියන්න.මම මේක හොයගත්තේ නම දාල තියෙන්නේ.. http://www.compsoc.lk/en/multimedia-competition.htmlමේ තියෙන්නේ ඒක.අයියේ කිසිම දෙයක් නොදැන කැගහන්න එපා.හොයලා බලලා දෙයක් කියනවනම් හොදයි...

Post a Comment